Sinhala and Tamil New Year Nisadas | සිංහල අලුත් අවුරුදු සුභපැතුම් නිසදැස්
පිපී නෑ එරබදු මල්
දෙවැටෙ වෙනදා වගේ
සිනා සී කනේරු මල්
කහපාට හරි අගේ.............
මුං ඇට මිශ්ර කිරිබතක්
උයන්නට කිව්වාට
කොහොම මුං ඇට ගන්නෙ
කාසි හිග මිනිහාට...............
සතුටු වෙනු දරුවනේ
අළුත් ඇදුමෙන් සැරසි
නොසොයන්න වෙන කිසිත්
පුරුදු ඇදුමයි මම කැමති ..............
රතිඤ්ඤා අහස්කූරු
පත්තුවෙනු ඇත නිලා
බලා සැනසෙමු ඒව
අපේ මිදුලට වෙලා..............
තවත් අසරණ කරන්නට
ආවදෝ අවුරුදු
කාසි මළු තියෙනකොට
හැමදාම අවුරුදු .....................
පැමිනෙන්නා වූ සිංහල අළුත් අවුරුද්ද සියළු දෙනාටම යහපත සතුට පිරි වාසනාවන්ත ශුභ අවුරුද්දක් වේවා !!!!
______
කොහෝ ..නුඹට ..රහසක්
මම කියන්නද
මලුත් පිපිලා රතුපාටින් එරබදු
දිලෙන්නට
වසත් සමය ඇවිදින් සතුටින් අනේ
ගිහින් කියන් මගේ අවුරුදු කුමරුට
වඩින්නට......
බලන් ඉඳලා ඇස් දෙක මගේ
රිදෙන්නට
හිතන් හිටියා හදවත මගේ
පිරෙන්නට
ඇවිත් යන්න කියපන් හිත
හැදෙන්නට
අවුරුදු මට එතකොට සතුටින්
සිටින්නට.......
ඔන්චිලි වාරම් කවි කියමුද
අපි දෙන්නා
රබන් ගසන්නම් නුඹ ගැන පද
බැදලා
කිරිබත් කමුකෝ කැවුමක් හෙම
රස විඳලා
මල් මල් ගවුම හැඩ ගැන නුඹ ගෙන්
අසලා...
_________
කොහෝ ..නුඹට ..රහසක්
මම කියන්නද
මලුත් පිපිලා රතුපාටින් එරබදු
දිලෙන්නට
වසත් සමය ඇවිදින් සතුටින් අනේ
ගිහින් කියන් මගේ අවුරුදු කුමරුට
වඩින්නට......
බලන් ඉඳලා ඇස් දෙක මගේ
රිදෙන්නට
හිතන් හිටියා හදවත මගේ
පිරෙන්නට
ඇවිත් යන්න කියපන් හිත
හැදෙන්නට
අවුරුදු මට එතකොට සතුටින්
සිටින්නට.......
ඔන්චිලි වාරම් කවි කියමුද
අපි දෙන්නා
රබන් ගසන්නම් නුඹ ගැන පද
බැදලා
කිරිබත් කමුකෝ කැවුමක් හෙම
රස විඳලා
මල් මල් ගවුම හැඩ ගැන නුඹ ගෙන්
අසලා...
_________