Celebrate the strength, resilience, and beauty of women on this special day! 💜✨ Share heartfelt Sinhala Women’s Day Wishes, inspirational Women's Day quotes, and meaningful greetings in Sinhala to honor the incredible women in your life.

📜 Find beautifully crafted Sinhala Women’s Day messages, touching International Women's Day greetings, and powerful women empowerment quotes. Whether it's for your mother, sister, wife, friend, or colleague, spread love and appreciation with warm wishes in Sinhala!

🎉 Let's recognize the achievements of women and inspire a future of equality and success. 🌷💪

🔗 Browse the best Sinhala Women’s Day Wishes now!

#InternationalWomensDay #SinhalaWishes #WomensDay #WomenEmpowerment #WomensDayQuotes #SinhalaGreetings


දියණියක් ,
සොයුරියක්,
මිතුරියක් ,
බිරිඳක් ,
මවක් ,
ලෙසින් අපේ ජීවිත එලිය කරන ඇයට වෙන් වූ දිනය අදයි...
සුභ කාන්තා දිනයක් වේවා..! 💗🌷🎀 
---------
 
ලොව උරුම නේක දුක්
සිනහවෙන් දකින්නී...
ඉවසීම දයාව හිත නිබඳවම අන් සිතට
සෙනෙහසින් පුදන්නී...
පරිපුරෙන් පරපුරට
අනාගතය ගොඩනගාගෙන
දරු කැලක් ලෝකයට
දායාද කරන්නී ...
ශක්තියක් වී ලොවට
ආරුත් එක් කරන්නී ...
ලෝකයක් තනන්නට
දෑත් දිගු කරන්නී...
නින්දා..අපහාස ලැබෙන
තරමක් සිනාසී විඳින්නී...
කිසිවෙකුටත් නොපෙන්වා
ඉකි ගසන හදවතින් දුක
තනිවී විඳින්නී...
"ගැහැනියයි "
ඇය නමින් ලොවක්
රජ කරන්නී...
අද ලෝක කාන්තා දිනය මෙලෙස වචන කරන්නෙමි...සෑම දිනයක්ම කාන්තා දිනයක්මයි එය එක් දිනක් පමණක්ම නොව... 
------------
 
සෑම කාන්තාවක්ම එක සමානයි!
කාන්තාව යනු, වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංකේතයයි.එවන් කාන්තාව තුළ ඇති චින්තනය සහ ශක්තිය අසීමිතය.
සියුමැලි ස්ත්රීත්වය්ට වියැකෙන්නට ඉඩ නොදී ශක්තිමත් පෞරුෂයක් ගොඩනඟා ගැනීමට ඇයට හිමි ගෞරවය සහ වටිනාකම ලබා දිය යුතුය.
ජාත්යන්තර කාන්තා දිනය උදාවීමට තව ඇත්තේ දින කිහිපයකි.මෙවර කාන්තාව ඇගයීමට සෞභාග්යයා පදනමේ අපි සූදානම්.....
ලොව දිනන ඇය වෙනුවෙන්...!!🌍👸🏆 
------------
 
අද ලෝක කාන්තා දිනයයි.. 🙏
එම කාන්තාව කියන වචනයේ උතුම්ම පදවිය නම් අම්මා කියන වචනයයි . එනම් අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්න විදින වේදනාව , තම්ගේ ශරීරයේ සිදුවන කායික මානසික වේදනාවන් දරුවා වෙනුවෙන් කලහැකි උපරිම කැපවීම කරමින් ඉශ්ට කරයි.  
------------
 
🫠🫠ගැහැණියකගේ විලාපය 🫠🫠
දෙවොලක් වැනි සිතක් ඇති මම
දුටිමි එක් මිනිසෙකු දුරින්
සීනු බෙරහඬ සුවඳ විසිරෙන
දේවොල ළඟ හිඳ ගත් සොරෙක්
ගලින් ගල බිඳ දමා මහ මඟ
දෙවොල කුඩු පට්ටම් කරා ඔහු
නිහඬ වෙස් ගත් රකුසු මිනිසා
පැමිණියේ විලසින්ය සිටුවර
බේබදුව රාගිකව ඉන්නා
විනාශය අත වනයි ඔහු හට
රූ සමනලියෝ මතින් යන එන
රාගයේ මත් බවමතින්
උදුර ගත්තා ජීවිතය මගේ
සිතක් නැති රකුසෙක් ලෙසින්
විසල් මැදුරක සිටිය මුත් මා
මට උරුම නැති මොනවදෝ
නොපැතුවත් මා මෙවන් මොහොතක්
කිසි දිනක හෝ කිසිවිටක
අහස මෙන් ආදරය දක්වන
ස්වාමිවරයෙක් පමණක්මය පැතුවේ මම..
සල්ලි මිල මුදල් යාන වාහන
තිබුණත් කොපමණ ධනය උපරිමට
දෙවොලක් වැනි සිත අපායක් කළ
කුරිරු මිනිසා කෙරෙන් යන්නට
දහස් වර සිතූන මුත් මට ...
දෙවොල මත වැතිරි හඬා හිඳ
හදවතින් මුළු හදවතින්
ගැලවිලා යන්නට සිතුවමුත්
නර රකුසාගෙන් වෙන්වෙලා
සොඳුරු පෙමකට උරුම නැති මුත් ...
දෙවොල නුඹ නොහඩනු කියා
එයද අපහසු තීරණයකි මට
ඔහුට ආලය පුද නිසා.....
ලෝක කාන්තා දිනය වෙනුවෙන් ගැහැණියකගේ හඬ...  
----------
 
කාන්තා ඔබ සැමවිටම සුවිශේෂී. එවන් මව්වරුන්, දියණිවරුන්, සහ සහෝදරියන් හට ගෞරවයෙන් යුතුව මෙලෙස ලිය හරසර පුද කර සිටිමු!
අද්විතීය කාන්තා ඔබ සැමට ප්රීතිමත් කාන්තා දිනයක් වේවා! 
-----------
 
හිරු කිරණක් සේ දිවි එළිය කරන්නී
සුපුන් සඳක් සේ සිසිලස දෙන්නී
මිහිකත සේ දුක සැප සමව දරන්නී
සියුමැලියි ඈ ලොවක් තනන්නී
ලොවක් තනනා, ලොවක් දරනා කාන්තා ඔබට හරිත අපේ උපහාරය!👩❤🥰😍😘 
------------
 
අම්මා කියන්නේ සූරිය කාන්ත මලකට
ඉරක් ආවත් නාවත් හැමදාම දරුවන් දිහාවටම හැරෙන..
අක්කා කියන්නේ සේපාලිකා මලකට
මහ කලුවරක ඇස් පියන්
අදුරගතෑකී සුවඳට..
නංගී කියන්නේ සමන් පිච්ච මලකට
පොඩ්ඩ බැරි වෙනකොට තැලෙන පොඩි වෙන , කවුරුත් මල් වට්ටියේ තියං රකින පෙතිවලට
මිතුරිය කියන්නේ රොබරෝසි මලකට
මාවතේ හැලි හැලී හරි ,ඉල්ලන පාට තවරන...
පෙම්වතිය කියන්නේ රතු රෝස මලකට
කටු දෙක තුනක් ඇනුනට
"ඉම්බට පාඩු නෑ " හිතෙන හැඟුමට...
නෝනා කියන්නේ නිල් නෙලුම් මලකට
හිටිගමන් හැකිලිලා පාඩුවේ උන්නට
පුප්පන්න පුප්පන්න තවත් ලස්සන වෙන
දෝණි කියන්නේ බේබි බ්රෙත් අහුරට
දෝතින්ම බදාගනු මිස, බිම තියන්නට නොසිතෙන
මා හිතවත ,හිතවතිය ඔබ
නොදන්නවාට ඔබ සතුව මල් උයනක්ම ඇත..
ඉතින් ඒ මල් සිපගන්න ❤️
සුභ කාන්තා දිනයක් වේවා !  
-----------
 
දිරියෙන්, සවියෙන්, අතහිත දෙන ඇයට වගේම සුන්දර ලෝකයක් අනුන්ටත් තනන්නට වෙර දරන, කාන්තා ඔබට සුබ කාන්තා දිනයක් වේවා! 💜💛❤️ 
------------
 
ආර්ථිකය සවිබල ගන්වන, රටේ ජීවනාලිය වන්,
ආදරණීය ඔබට
සුබ කාන්තා දිනයක් වේවා! 👸🫶 
------------
 
තමන් වෙනුවෙන්
පෙනී සිටින,
සටන් කරන,
කතා කරන,
ගමනක් යන...
අනුන් වෙනුවෙන්
පෙනී සිටින,
සටන් කරන,
කතා කරන,
ගමනක් යන...
අම්මාවරුන්ට, දූවරුන්ට, මිතුරියන්ට
සුබ කාන්තා දිනයක් වේවා...! ♥️ 
------------
 
බිළිඳිය, දැරිය, මිණිපිරි විය පෙර කාලේ
සිසුවිය පැමිණ, වැඩිවිය නිම කර බාලේ
තරුණිය දියණි, කුමරිය බඹසර මාලේ
මිතුරිය, සොයුරි, නැගණිය විය තිර ආලේ
පතිනිය, නෑනා, ලේලිය නව කැදැල්ලක
විය ඇය, බිරිඳ ,ගැහැණිය ලද ඇසිල්ලක
මවකි ය ගැබිනි, උතුමිය දරු දැරිල්ලක
බිහිවිය බිළිඳි, ඇරඹුනි දිවි වළල්ලක
සපිරිය සොමි ගුණය මිත්තණියන් සතුව
දහිරිය හිමි මවය දියණියකගෙ ඔසුව
පුතු,පිය, සැමිය, මුත්තණුවන් වුව නතුව
මිහි-ළිය නමිනි ලොව අමතයි සැක නැතුව
[ සිසිලස වී රැයක ඉපදුණු සඳ දෙව්දූ
මදහස දී සිතක රැඳවුණු පිණි බින්දූ
අමරස මී බිඳක තවරමු කවි සින්දූ
සරතැස හීනියට නිවනෙමු අප ළන්දූ ]
මව්වරුන් , සොයුරියන් , මිතුරියන් ,ගුරුවරියන් ඇතුළු අපේ ලෝකයේ සියළුම ආදරණීය කාන්තාවන්ට සුබ ලෝක කාන්තා දිනයක් වේවා.....🙏
-------

සුභ කාන්තා දිනයක් වේවා❤️💕
අනේක විධ දුක් කම්කටලු මැද වීර පුතුන් තනන්නට මව්වරුන් ගන්නා උත්සහයටත් අනෙක් සියලුම කාන්තාවන් නොයෙක් ආකාරයෙන් ගන්නා විවිධ උත්සහයන්ටත් මෙය උපහාරයක්ම වේවා😘  
-----------
 
ජීවිතයේ නොයෙකුත් දුෂ්කර අවස්ථා අපි පසු කරනවා.
මේ වගේ අවස්ථා වලදී ජීවිතය දෙස ධනාත්මකව බලන අය දෙසට අපි නැඹුරු වෙනවා.
මේ කාන්තා දිනයේ දී මට මගේ ජීවිතයේ විශාලතම ශක්තිය වූ ඒ සුවිශේෂී චරිතය පිළිබඳව කතාබහ කරන්න හිතුනා. මගේ ජීවිතයේ පූර්වාදර්ශය සහ විශාලතම ශක්තිය වූ ඒ සුවිශේෂී චරිතය පිළිබඳව මගේ අදහස් තමයි මේ.
අප අතර සිටින සියලුම සුවිශේෂී මව්වරුන්, දියණිවරුන්, සහ සහෝදරියන් හට ගෞරවයෙන් යුතුව මෙලෙස ලිය හරසර පුද කර සිටිමු!
අද්විතීය කාන්තා ඔබ සැමට ප්රීතිමත් කාන්තා දිනයක් වේවා! 
-----------
 
ලෝකය ලස්සන කරන්නට
සිය අභීත ශක්තිය යොදවන
සියලුම කාන්තාවන්ට
උපහාර වේවා! 
------------
 
අශ්ව බල අනන්තයේ ආදර බලාගාරය..
ඉර ඇහැර එන්න පළමුව නැගෙන අහස් කුස සිත්තම
තුන් තිස් පෑ නිදි වරන
ජීවිතයේ මුර පදය
අඳුරු අහසේ වුව නැගී
පාර පෙන්නන තාරකාවිය
දස මසක් දින අතර නේක දුක් විඳි දේවතාවිය...
සුභ කාන්තා දිනයක් වේවා!!  
------------
 
ජාත්යන්තර කාන්තා දිනය !
හැම දිනයක් ම කාන්තාවන් ගේ තමයි !
උදේම ලිපගිනිමොලවා දවස අරඹන්නේ ඇය !
සියලු ගිනි නිවා දවස අවසන් කරනෙත් ඇය !
මක්සිම් ගෝර්කි කී ලෙස, !
" ලෝකය පවතින්නේ මවගේ කිරෙන් සහ හිරුගේ එලියෙන් "
ඇය හැම දිනය ම හැඩකරයි !
ඇයට නිසි අගය ලාංකීය දේශපාලන බිමේ
බිහිකරන වසර මේ වසර !
ඒ සදහා කැපකිරීම් කරන සියලුම සහෝදරියන්ට
උපහාරයක් ම වේවා !  
------------