Sinhala Aluth Awrudu Nisadas | Sinhala and Tamil New Year Nisadas | සිංහල අලුත් අවුරුදු නිසදැස්
කෙහෙල් කැනෙ තිබු හොඳම ඇවරිය![🍌](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t93/1.5/16/1f34c.png)
![🍌](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t93/1.5/16/1f34c.png)
![🍌](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t93/1.5/16/1f34c.png)
![🍌](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t93/1.5/16/1f34c.png)
දිලෙයි මේසයෙ කහ පැහෙන්
කැවුම් කොකිසුත් අනෙත් කැවිලිත්![🍪](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcf/1.5/16/1f36a.png)
![🍪](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcf/1.5/16/1f36a.png)
කරයි මේසය තව නැවුම්
මකයි පාළුව තව ටිකෙන්
අලුත් අවුරුදු කුමරු වඩිනව![🤴](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f934.png)
![🤴](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1.5/16/1f934.png)
වගෙයි නිවසට හෙමි හෙමින්...
රතිඤ්ඤා ,රබන්, කොවුල් ගී හඬ
පරදවා ඇසුණත් පොඩි උන්ගෙ චර බරේ![🤗](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t10/1.5/16/1f917.png)
![🤗](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t10/1.5/16/1f917.png)
කැරකෙමින් උඩ යන, විසිල් ගහනට
වඩා එළියයි ඒ රගේ.. ![🌅](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te9/1.5/16/1f305.png)
![🌅](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te9/1.5/16/1f305.png)
රට පුරා නෙක පැතිරි ගිය රෝග භිය
දුරු කරලු වෙස් ගත් මේ මහේ ![😊](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td8/1.5/16/1f60a.png)
![😊](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td8/1.5/16/1f60a.png)
වැස්සකට තෙමි තෙමී රග දෙයි
සොබාදහමත් මේ කලේ..![🌦️](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f326.png)
![🌦️](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f326.png)
අම්ම නංගිත් එක්ක එකතුව![👩👧](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t0/1.5/16/1f469_200d_1f467.png)
![👩👧](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t0/1.5/16/1f469_200d_1f467.png)
කරයි උයමන ඉක්මණින්
පහන පොල්තෙල් දමා සකසයි![✨️](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7b/1.5/16/2728.png)
![✨️](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7b/1.5/16/2728.png)
සීයා මුණුපුරු පිරිවරන්
දෙමස්සිනො එක්වී හදයි ![👬](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t12/1.5/16/1f46c.png)
![👬](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t12/1.5/16/1f46c.png)
හොඳ සැළසුමක් කාටත් හොරෙන්
මෙයැයි සැණකෙළි අපිට දෑ කළ උරුමයෙන් ![🎊️](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td/1.5/16/1f38a.png)
![🎇](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te3/1.5/16/1f387.png)
![🎊️](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td/1.5/16/1f38a.png)
![🎇](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te3/1.5/16/1f387.png)
සිත් නිවන නෙත් සහින
සුබ වසර එළැඹුනා![🙏](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png)
![🙏](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png)
සෑම මුවකටම වාගේ
සතුටුමල් පීදුනා![😂](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png)
![😍](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1.5/16/1f60d.png)
![😂](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png)
![😍](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1.5/16/1f60d.png)
දුක් සෝක සංකාද
ඈතදුර පා වුනා![😊](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td8/1.5/16/1f60a.png)
![😊](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td8/1.5/16/1f60a.png)
තවත් අවුරුද්දකින්
මුලු සිරිලකම හැඩවුනා![🤩](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb1/1.5/16/1f929.png)
..
![🤩](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb1/1.5/16/1f929.png)
![😍](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1.5/16/1f60d.png)
------
ලැබුවා සිංහල අලුත් අවුරුදු සැම දෙනාටම සුභම වේවා
සැදුවා ඇති දැන් ලොවට මර බිය කොරෝනා රෝ නැතිම වේවා
දැරුවා අපමණ වේදනාවන් සැනින් දුරු වී සෙතම වේවා
පැතුවා මා හදවතින් පැතුමක් සියලු සත සුවපත්ම වේවා
ලබා ගත් මිනිසත් බවේ නිසි අගය නිති වැටහීම වේවා
සභා මැදකට බියක් සැකයක් නැතිව යන්නට හැකිම වේවා
ප්රභා විය මුණි දෙසුව සඳහම් බෙලෙන් සැමටම සෙතම වේවා
දමා යා යුතු වේය සිය කය සතට ලොව වැටහීම වේවා
පමා නොවි ලෝකයෙහි සැම දන පිනට දහමට ලැදිම වේවා
සමා නැත අකුසලය කළ විට පවට ලැජ්ජා බියම වේවා
අමා සුව සැම දුක් නසාලන මගට සැම සිත් යොමුම වේවා....
------
සිංහල අවුරුදු ලග ලග එනවා
එය සමරන්නට අපි සැරසෙනවා
අලුත් අලුත් දෑ ගන්නට යනවා
ඈත අතීතයෙ සිට මෙය වෙනවා
දින දෙක තුනකට ඇති සේ සතම
වියදම් කරගෙන කයි බොයි සැවොම
පසුවදි සිගනුන් ලෙස හිද ඔබම
කල් ගෙවන්නෙ ඇයි එය දැන දැනම...
-------
නිතර තරහෙන් වැටෙන වැස්සක්
බක් මාසෙට පහර දෙද්දෙන්
නැගලා පීනස ගමේ කොවුලාගෙ
පිපෙන්නට පෙර ළදරු එරබදු
පපුවෙ සෙමටම මැරිලා වැටියන්
පැලට අවුරුදු වඩින සළකුණු
අතරමගදිම නැහිලා ගියදෙන්
කැවුම් - කොකිසක් අහල පහළක
බදින සුවඳත් ළිපට වැටියන්
මගේ බිරිඳට සුවඳ නොදැනෙන
නහය හූරන ලෙඩේ හැදියන්
නොතේරෙන පුතු නළවගන්නට
කැටේ පැලුවම කාසි තිබියන්
අලුත් ඇඳුමක් මගේ දෝණිට
හිනවල විතරක්ම පෙනියන්
කුලී වැඩකින් නොමැරි වසනා
අපේ වංශයෙ කඳුළ දැකපන්
බොටුව හිරවෙන අලුත් වියදම්
වේදනාවෙන් පපුව නිවපන්
බතක් මිරිසක අනාගෙන මට
පුරුදු අවුරුදු කන්න දීපන්
අලුත් අවුරුදු මඟුල සදහට
තියෙන උන්ටම ලියලා දීපන්...
-------
අවුරුදු ආරාධනා...
ලඟ ලඟ එන අලුත් සිංහල අවුරුද්දේ
ඇරඹුම ඇසුනි කොවුලගෙ ගී හඬ මැද්දේ
ඔංචිලි පදින්නට මා හා මේ බැද්දේ
එන්නකො ඉතින් ගමටම කරමින් සද්දේ
-------
ඇස් දෙකම ලොකු කරලා බැලුවා මහ පොලව දෙස
කලු ගැහුණු පපු කුහර මැද නිදන පුංචි හිත්
හූල්ලයි හොර හොරෙන් එරඹදු මල් වලට ....
සංසාර වීදියේ කෙලවරක
මඟ බලා සිනාසෙන
පැදුරු කඩමාල්ලක සීතලට
ගුලිවෙච්ච ඇට සැකිල්ලකි
නිදි නොමැති බඹරුන්ට
රොන්සුනු අරන් ඇවිදින
අසම්මතයේ මවකි
අවුරුදු කුමරුන් සොයන ....
අඬන්නට බැරි කමින් හිනැහෙන
මිනිසුන්ට සැනසීම අරගෙන
මහ පොලවට වඩින්නු මැනවි
සත් පත්තිනි දේවතාවි
එවිට පිපෙයි එරඹදු මල්
අවුරුදු කුමරුන් එක්කම
කොහා ගයයි නැලවිලි ගී
අලුත් ඉරක් යට අවුරුදු ....
-------
කොහෝ නුඹ නගන්නේ
අලුත් අවුරුදු කාහල නාදය වුවත් සැම හට
නුඹ මවෙත ගෙනෙන්නේ
පිය බිරිඳ මළගමෙහි හොරණෑ නාදයයි
නිබඳ යටපත් කරනට වෙර දරන
ගොලු වෙන්න කොවුලනේ
අනේ මේ අවුරුද්දෙවත්!!...
-------
අලුත් අවුරුද්දට
පල බර වීලු ඕසෙට
එරබදු මලින් බරවුණ
කුහු කුහු හඬින් ගෙන එන
පණිවිඩය සුබලු සවනට
රස මසවුලක සුවඳට
ගම පිරුණාලු එදවස....
අලුතින් ලැබෙන ඇඳුමක
මිහිරක් දෙවන පැතුමක
තිබුණාලු බලයක් හැමවිට
තරහ මරහද හිතේ කහටද
අමතකව යන තරමට..
හරි ජයලු අවුරුද්ද එදවස...
නෑගම් බලා යන්නට
කැවිලි පෙවිළිද තෑගි බෝගද දෙන්නට
සිරිතට දෙමින් මුල්තැන
වත් පිළිවෙතින් ජීවිතේ හැඩ කෙරුමට
මංගල්යයක් වාගෙම පිරුණාලු
ගම රට සතුටින් එදවස...
යන්තම් හුස්ම ගන්නට
ලැබෙනා විරාමය ළඟ
එකට එක්වී කා බී
සතුටු වී කෙලිදෙලෙන් ගතකර
හැල්මෙ ගමනට කොමාවක් දා
ජයට සමරනවාලු මෙදවස...
ඉතිං ඉවරයිලු අවුරුද්ද එතකොට ...
-------
හැම අවුරුද්දෙ ම වගේ ම,
මේ පාරත් කොහෝ හඬ ඇහිලා,
එරබදු මල් පිපෙන්න ගත්තා...
අම්මගෙයි තාත්තගෙයි අහු මුළුවල කතා අස්සේ,
අපේ ගෙදරත් අවුරුදු ලක ලෑස්තියට මුල පිරුවා....
අම්මටයි තාත්තටයි පිරියක් නැති වුණා...
ලස්සන ඇඳුම් ටිකක් මේ පාරත් කලින්ම හම්බුනා...
කැවුම්, කොකිස් හදන්නත්,
අම්මා හරි හරියට ලෑස්ති වුණා....
හැබැයි,
කවදාවත් ගලෝපු නැති,
ගොඩාක් පරෙස්සම් කරපු,
අම්මට තාත්තා අරන් දුන්නු කරාබු දෙක,
මං අහපුව ම,
අම්මා අතින් නැති වෙලා තිබ්බා...!
සිංහල අවුරුදු ලග ලග එනවා
එය සමරන්නට අපි සැරසෙනවා
අලුත් අලුත් දෑ ගන්නට යනවා
ඈත අතීතයෙ සිට මෙය වෙනවා
දින දෙක තුනකට ඇති සේ සතම
වියදම් කරගෙන කයි බොයි සැවොම
පසුවදි සිගනුන් ලෙස හිද ඔබම
කල් ගෙවන්නෙ ඇයි එය දැන දැනම..
---------
එරබදු මල් මිහිරාවයි
සිත සුළං ගත දවටයි
කොහෝ නාදේ දසත නගයි
හිරු කුමරා මගුල් නටයි...
රබන් සුරල් නාදේ දසත හමන්නේ
කෝකිල ගී මිහිරි හඩින් සතර දිගන්තේ
පලාවර්ණ ගලපාලා සිරිලක දසතේ
ලිපගිනි මෙළවේ සුබ හෝරාවේ..
කැවුම් කොකිස් මුං අලුවා
කෙක් කෙසෙල් ද නැත අඩුවා
කොණ්ඩ කැවුම් කිරිබත් සමඟා
අවුරුදු මෙසේ ලක්සිරි වඩවා...
ආයු බෝ වේවා සැමට
දිගා සිරිම වේවා ඔබට
සුභ නදියෙන් ම ඔබට
අත් වේවා ජය ටැඹ ඔබට...
------
කොවුල් හඩ දසත නද දෙන
රැහැයි හඩ නිතරම ඇසුන
කැවුම් කොකිස් රහටම ඉදුන
නැදැ මිතුරන් සැවොම එක්වුන
මට තාම මතකයි අපේ බාල කලේ අවුරුද්ද
එදා මෙන්ම නොවුනත් අදකාලේ
මම හැදුවා උණ වෙඩිල්ලක් මගේ මිදුලේ
එලබෙන සිංහල හින්දු අපේ අවුරුදු කලේ
රටටම සුභ වෙන්න මම පතනවා රාලේ
පතනා සුභ පැතුමන් හැම විට ඉටු වෙවා!!!
ලෙඩක් දුකක් කිසි කලෙකදි නොම වෙවා!!!
සිතේ තැවුල් කිසි කලකදි නොම වෙවා!!!
අවුරුදු එකසිය විස්සට දෙසිය විස්සක් අයුබො වෙවා!!!