අම්මාට එකට එක කියනවාද ?
මමත් කියලා තියෙනවා ...
අම්මාට සැරෙන් කතා කරනවාද ?
මමත් කතා කරලා තියෙනවා ...
ඒත් ...
මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත දවසේ මට දැනුනා මගේ අම්මාටත් එදා කොච්චර සතුටු හිතෙන්න ඇතිද කියලා ...
කෑම කන්න බැරි වෙනකොට ,
ඇවිදගන්න අමාරු වෙනකොට,
ඉවසගන්න බැරි තරම් කොන්ද දණහිස් රිදෙනකොට
මට හිතුනා මගේ අම්මාත් මං වෙනුවෙන් මොන තරම් වේදනාවක් විදින්න ඇතිද කියලා ...
හැබැයි අම්මා කවදාවත් ඒ ගැන කියලාවත් නෑ ...
ආයිමත් ඒ දවස් වලට ගිහින් අම්මාට සැරෙන් කතා කරපු දවස් නිවැරදි කරගෙන එන්න තිබුණානම් කියලා මට හිතෙනවා ...
අම්මාව හයියෙන් තුරුළු කරගෙන " මට සමාවෙන්න " කියන්න හිතෙනවා ...
ඉස්සර " අනේ මේවානම් කන්න බෑ " කියලා ඔරවගෙන හිටිය දවස් මතක් වෙනකොට ...
අද අම්මා උයලා දෙන ඕන දෙයක් එක්ක අම්මාගේ අතින්ම බත් කටක් කන්න තිබුණා නම් කියලා හිතෙනවා ...
ඒත් දැන් මගේ අම්මා ඉන්නේ ගොඩාක් ඈතින් ...
ඒ හැමදේටම මං ගොඩක් දුරයි ...
ඔයා අද ඉන්නේ ඔයාගේ අම්මා ලගින් නම් ...
අම්මාට සැරෙන් වචනයක්වත් කතා කරන්න එපා ...
අම්මා උයලා දෙන දේ තමයි මේ ලෝකේ රසම කෑම එක කියලා එයාගේ හිත සතුටු කරන්න ...
මං එහෙම කිව්වේ ඇයි කියලා අද නැතත් ඔයා අම්මා කෙනෙක් වුණ දවසට අනිවාර්යෙන්ම දැනෙයි ...
එදාට පසුතැවෙන්න එපා ...
අදම කියන්න අම්මාට " ආදරෙයි " කියලා ...... 💕