Sinhala Safe Juorny Wishes, Greetings, Messages, Quotes, Nisadas

මම හිතන්නේ නෑ ඔයා ජීවිත කාලෙම මම එක්ක ඉන්න ඕනේ කියලා'
ඒත් මම හිතනවා ඔයාට යන්න ඕනේ දවසට ඔයාට ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ කියලා...
බැඳීම් හැමදාම පවතින්නේ නෑ ඉතින් මම විස්වාස කරන විදිහට ඒ හැම බැඳීමකටම නියමිත මොහොතේ ලස්සන අවසානයක් අපි සටහන් කරන්න ඕනේ.
ඉතින් ඔයාට යන්න හිතුනාම මට කියන්න' මට පුළුවන් කොයිතරම් රිදුනත් හිනාවෙලා සමුදෙන්න...
ඒ වගේම පරිස්සමෙන් යන්න කියන්න ❤️ 
-----


ජීවිතේ හැමෝම තනියම යන්න ඕන ගමනක් තියනවා...🌻
ඒක ප්ලෑන් කරලා යන ගමනක් නෙවෙයි. මේ ගමන තනියම යන්න ඕන ගමනක් කියන්නෙ, ඒ ගමනෙදි ඔයා “මේ ගමන” අවබෝධ කරගන්නවා. ඔයා දැනටමත් මේ ගමන ගිය කෙනෙක් වෙන්න පුළුවන්. මම දැකපු ගොඩක් සාර්ථක චරිත මේ ගමන ගිහින් තියනවා. ස්ටීව් ජොබ්ස්ගෙ ඉන්දියානු ගමන තමයි මම දැකපු සාර්ථකම “ගමන”. ගමනාන්තයේදි ඔයාට තෝරාගැනීමක් එනවා දිගටම ගමන් කරනවාද නවතිනවද කියලා. අන්න එතනදි තමා ඔයා ඔයාගෙ ගමනේ අත්දැකීම් මත අවසන් තීරණයකට එන්නේ...
අපි ගොඩ දෙනෙක් මේ "ගමන" තේරුම් ගන්න බැරුව අතරමං වෙන වෙලාවක් එනවා. මිනිස්සු කොච්චර අතරමං වෙනවද කිව්වොත් සමහරු "ගමන" අතඇරලා දාලා යනවා. සමහරු එහෙම වෙලාවට මාර්ගෝපදේශකයෙක් හොයාගෙන තමන්ට ගැලපෙන හරි පාරකට වැටෙනවා.
පරිස්සමෙන් "ගමන" යන්න.
කොතනකවත් අතාරින්න එපා අල්ලගෙන ඉන්න... 💛🌻 
------
 
ලගම අය දුරට යනකොට ඒ හැඟීම් වචන වලට පෙරලන්න හරි අමාරුයි 🥺
පොඩි කාලෙ ඉදන් රන්ඩුවෙවී යාලුවෙවී මගෙ ඕනෙම දේකට හිටිය කෙනා , දෙයක් කියපු ගමන් මොන වැඩක හිටියත් මගෙ ඕනෙම දේකට ඉන්න කෙනා , අය නිවාඩුවට ගෙදර එනකොට , හදිස්සියෙ ශූට් එක්කට යන්න ඕනෙ උනාම කතා කරන්න ඔයා ගෙදර නෑ 💔
හීන දිනන්නනම් , තමන්ගෙ හීන වෙනුවෙන් කැපවෙන්න ඕනෙ කියලා පෙන්නපු හොඳම උදාහරණය ♥️💯
වැඩිය කතා කියන්න යන් නෑ ,
ලොකුම හීනෙ දිනුම් , හොදට වැඩ ටික කරගන්න ✨️ පරිස්සමෙන් ගිහින් එන්න මගෙ අයියේ 🇦🇺✈️
ආදරෙයි 😘♥️ 
-----

පරිස්සමෙන් ගිහින් එන්න මගේ රත්තරන් අයියේ🥺🇬🇧රටවල් දෙකක 🇬🇧🇯🇵හිටියත් කවදාවත් අපේ සහෝදර බැඳීම ඈත් වෙන්නේ නැහැ පොඩි කාලේ ඉඳලා එකට හිටපු හැමදේම මතක් වෙනවා😓කවද හරි ආයෙ ඉක්මනටම අපි හම්බවෙමු අයියෙ. 🥹අම්මිගෙයි තාත්තිගෙයි එකම බලාපොරොත්තුවක් තිබ්බේ අපි දෙන්නා හොඳ තැනක ඉන්නවා දකින්න. ඒ දෙන්නගේ එකම සතුට එකම හීනි වෙලා තිබ්බේ අපි දෙන්නම මේ තැනට යවන්න. ඔයාගේ වීසා එක ආවට පස්සෙත් තාත්ති අම්මිට කියලා තිබ්බා අයියේ අපි දෙන්න දැන් මැරුණත් කමක් නෑ ඒ කියලා කොල්ලො දෙන්න මම හොඳ තැනකට යැව්වා කියලා ඒ තැනට ඔයත් අද යනවා ඒ තැන ඔයයි මමයි අද ඉන්නවා.ඒ නිසා අම්මායි තාත්තියි අදගොඩක් සතුටින් ඉන්නවා අයියේ .ඔයා දන්නව නේද අපේ තාත්ති අපි දෙන්නම මේ තැනට ගේන්න කොච්චර දුක් වින්දද කොච්චර මහන්සි වුනාද කියලා ඒක අදටත් එහෙමමයි කිසිම වෙනසක් නැහැ ඒව කවදාවත් අමතක කරන්න එපා ඒ දෙන්නව හැමදාමත් ගොඩාක් ආදරෙන් සතුටින් අපි දෙන්න බලාගමු . ඔයාගේ මේ දවස එනකම් මමත් ඇඟිල්ලෙ ගැන ගැන බලන් හිටියේ .අද ඒ දවස උදාවුණා මට ගොඩක් සතුටුයි .ගිහිල්ලා පරිස්සමෙන් වැඩ ටික කර ගන්න අයියෙ.මගේ අයියෙ.මගේ අයියාට මෙ තනට එන්න මෙ හැමදේමටම වචනෙකින් හරි උදව්වක් කරපු හැමෝටම ම්න් ගොාආආආආක් ස්තුති වන්ත වෙනවා.ඔයාලට ගොාආආආආක් පින්🙏🏻🙏🏻🙏🏻.කවදා හරි ඉක්මනින් ලොකු මිනිහෙක් වෙලා හොඳ ලස්සනට ජිවිතයක් ගත කරන්න මගේ අයියෙ .කවදවත් ඔයාට වරදින්නේ නැ අයියේ .බුදු සරනයි අයියෙ...🥰🥰😍❤️‍🩹❤️‍🩹💯 
------

පරිස්සමෙන් ගිහින් එන්න🙂
මට නැති උනත් මල්
ඔයාට පිපෙන්න...! 
------

සුභ ගමනක් වේවා! ඔබට සුදු පුතේ..සුභ ගමනක් වේවා!! ගොඩාක් ආදරෙයි.පරිස්සමෙන් ගිහින් එන්න. ජේසු පිහිටයි!!💖💖 
------

ගොඩක් හිත් දුක හංගලා හිනාවෙලා මතක ටොන් ගානක් එක්ක ආපහු හැරිලා ආව තැන මෙතැන
අඬන්න කඳුළු ඕන තරම් උනද්දි පුරුද්දට වගේ හිනාව අස්සෙන් කඳුළු පිහිද්ද තැන මෙතැන
"පරිස්සමෙන් ගිහින් එන්න.මං ආදරෙයි"
හැමෝම හිනාවෙලා සමුදෙන්නෙ එහෙම!
ඒ කොහොම වුනත් තාමත් ඇස් හොයන්නෙ උඹව
මට ආයෙම ඉක්මනින් ඔයාව බලන්න ඕන
හයියෙන්ම බදාගෙන ඉඹින්න ඕන
පුළුවන්ද ඉක්මනින් එන්න
මං ආයෙත් හිනාවෙලා යන්න ආසම තැන මෙතැන!
දින සති මාස කල්පයක් වගේ දැනෙද්දි
ගල්වෙච්ච කඳුළු ආයෙත් දියකරන් ඔයා එන දවස වෙනකල්
මං හිනාවෙලා ඉන්නම්
නුහුරු හින්ඳම අමාරුයි ඔයා ලඟ නැති තප්පර
ඒත් මං ඉස්සරට වඩා මහ හුඟක් ආදරෙයි! 
------

පරිස්සමෙන් ගිහින් එන්න පණ ගොඩක් දුකයි ඔයා යන එකට😪 ඒත් ඔයාගෙ හීනෙ උනේ මේක..අවුරුදු 5ක් තිස්සෙ බලාගෙන ඉදපු හීනෙ අද සැබෑ උනා. ඔයාට කවදාවත් වරදින්නෙ නෑ. බුදු සරණයි මැණික..🇰🇷✈️💙 
------

සුදුසුකම් වලට වටිනාකමක් දෙන රටක් සොයා ඉගිල ගිය වගයි..
නිදහස් අධ්යාපනය වෙනුවෙන් මේ තාක් කල් බදු ගෙවූ මහජනතාවට තුති.. 🙏🙏🙏
පරිස්සමෙන් ගිහින් එන්න...
 ------
 
පරිස්සමෙන් ගිහින් ඉක්මනින් එන්න මගෙ හාමිනේ....❤❤
Safe journey ✈ ✈ ✈ 
------

පරිස්සමෙන් ගිහින් එන්න මගෙ පන🤵🏻‍♂️👰🏻‍♀️💎💍 ඔයා ලග නැති අඩුව මට මේ වෙලාවෙ කොහොම කියන්නද තෙරෙන්න ❤️ හැමදාමත් ඔයාගේ සියලු දේ සාර්ථක වෙන්න ඔනේ මගේ පන ♥️🤵🏻‍♂️👰🏻‍♀️💎💍🍒♥️💦🌍 
-------

පරිස්සමෙන් ගිහින් එන්න අයියා වැඩ ටික හොදින් කරන් අපිව බලන්න එන්න අයියා අක්කයි අපේ පහන් පුතයි එක්ක ♥️😘😔 Miss you soo much brother ♥️ 
-------

ඒ යන්න එපා ඔයි 🥺🥺
යන්නම ඕනෙද ලොකු අක්කේ.🥹
එහෙනමි පරිස්සමෙන් ගිහින් එනවා ❤️
ආයෙම රෑට නිදි මරාගෙන
තුන් දෙනත් එක්ක ඕපදූප කියවන්න .
දෙපත්තට හැරිලා රණ්ඩු වෙවී නිදියගන්න.
තුන් දෙනත් එක්ක එකතු වෙලා හොර වැඩ කරන්න,
කාට හරි බනින්න , ඔයාගේ සංස්කෘතික විරෝධී කතා කියන්න ආයෙම එනවා. ❤️☹️😌
බැඳලා ගියත් වැඩි හරියක් නිදාගත්තෙත් මාත් එක්ක 😏වදකාරී 🥲 දැන් ඉතින් හිතුනාම බස් එකේ නැගලා එන්න බෑ ඉතින් . 😥 අමුතු පාලුවකුත් තියෙනවා 😥💔
එහෙනම් පරිස්සමට යනවා 🌹❤️ මොංගල් වැඩ අඩු කරලා මොලේ කල්පනා කරලා වැඩ කරනවා හරිද 😘 ආදරෙයි අපි 😘😍 
-------


පරිස්සමෙන් ගිහින් එන්න අයියේ. 🧡🥺
බුදුසරනයී වැඩ ටික හොදට කරගෙන ගේමක් ගහම් එමූ ❤️💯🇰🇷 
------


පරිස්සමෙන් ගිහින් එන්න මල්ලි
හිතේ තිබ්බ සියලුම බලාපොරොත්තු ඉටුවෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා බුදුසරණයි මල්ලියෝ ❤️ 
-------


❤️❤️පරිස්සමෙන් ගිහින් එන්න සුදු අම්මා.❤️❤️
ඔයාගේ ලොකුම ආසාව වුනේ දබදිව වන්දනා කරන එක. අද ඒක ත් හරී.
ඊලග ආසාවත් අපි ඉක්මනින් යමූ හොදේ.❤️
ආදරෙයි.😘😘 
------


පරිස්සමෙන් ගිහින් එන්න අයියේ..ඔයා නැති අඩුව ගොඩක් දැනෙයි අපිට..💟
🇱🇰🇯🇵 
-------

පරිස්සමෙන් ගිහින් එන්න මගෙ මැනික ..අපිට පාළුයි ගොඩක් ඔයා නැතුව .. ..😥😥 
-------


කටහඩ අහන්න ආස උන ගමන් කෝල් කරලා අහන්න බැරි වෙනකොට🥺
දකින්න ඕනේ උනාම දුවලා ඇවිත් බලලා යන්න බැරි වෙනකොට🥺
දුක හිතුනම ලගට ඇවිත් තුරුලු වෙලා ඉන්න බැරි වෙනකොට🥺
ලොකු පාලුවක් දැනෙනවා මැණික මේ හිතට🥺
ආස වෙලාවට කටහඩ අහන්නවත් ,දකින්නවත් ,තුරුලු වෙන්නවත් බැරි උනත්🥺
මේ හිත හැමදාම මහ ගොඩක් ආදරෙයි ❤️😚
පරිස්සමෙන් ගිහින් එන්න මගෙ මැණික... 😞
ආදරෙයි...🥺❤️
බුදු සරණයි... දෙවි පිහිටයි.. 
--------


 
 

Have a happy journey. I hope all the good things are on your way.

May you have a lot of fun on the way. May this journey bring peace to your mind and joy to your heart. Have a happy and safe journey!

May this journey of yours be full of extraordinary memories and sweet moments. I wish you a safe journey along with a safe return.

May this journey brings you new opportunities and things to look forward to. Good luck and travel safe.

I hope to see you safe and sound when you finally return. Till then, enjoy everything that comes in your way. Have a safe journey!

Sweetheart, I’ll be counting days till you return to me but till then, have fun to the fullest! Wishing you an amazing journey and trip ahead! 

Best wishes for the journey. Stay safe and enjoy your break. Have a safe flight!

I am really happy that you are finally taking this journey. May all things work in your favor. Have a safe journey.

You deserved this long-awaited vacation, so I pray that everything goes smoothly during the journey! Cherish your time and travel safe, sweetheart!

May your voyage be as exciting and eye-opening as ever! I’ll be with you all the time in mind and soul! Be safe and travel well!

I pray that God surrounds you with his love and care during the entire journey. I hope the journey will go well and you’ll return home safely! I wish you have a happy and safe journey!

Hope this journey will treat you well and give you the best experience. Bon Voyage!