Sinhala Birthday Wishes For Daughter | Sinhala Upandina Subapathum Duwata | සුබ උපන් දිනක් මගෙ දුවේ...

සහසක් පෙරුම් දම් පුරලා නුඹ           මත්තේ
වෙහෙසක් වෙලා මෙදියත ජය ලැබ    ගත්තේ
රහසක් නොවේ දියණියෙ පවසමි       සත්තේ
පහසක් නුඹෙ වතේ විඳ සතුටකි        ඇත්තේ



හිස් බව නොමැත අපෙ දිවි තුළ එයින්      මතූ
රැස් ලෙස සඳේ සොඳුරුය සිත මැවෙන     සිතූ
තොස් විය නොයෙක් වර අසමින් නුඹගෙ තතූ
පස් වසකුත් ගියා නොදැනිම වසා          නෙතූ

වයසින් වැඩෙයි මෝරයි දැනුමද            යසට
දවසින් දවස හුරුවෙයි පිරිපුන්               බසට
මනසින් උසස් යහපත් දරුවෙකු          ලෙසට
විගසින් වැඩී සේවය කළ මැන               රටට

පස් වැනි උපන් දිනයට අද දින          යෙදෙන
දිස් වනු ඇත නොයෙක සුපැතුම් පිරි      නමන
උස් කොට රැගෙන එපැතුම් ආසිරි       සොඳින
විස්_මය වනු මැනවි අපෙ ලොව එළි     කරන