Sinhala Birthday Wishes Nisadas | Sinhala Upandina Subapathum Nisadas | උපන්දින නිසදැස් | Sinhala Birthday Card Nisadas | Happy Birthday Sinhala Nisadas | Sinhala Nisadas Suba Upandiyanak

 
ලස්සන සුබ පැතුම් නිසදැස....
උදාසන හිරු එබෙයි
නැවුම් එළියක් ලැබෙයි
පිපුණු මල් සිනාසෙයි
සියුම් සුවඳක් දැනෙයි,
සිහිලසක් ගත වෙලයි
හීගඩුද වත පිපෙයි
සිහිනයක් වගේ විත්
නුඹ සෙමෙන් සිනාසෙයි,
දිවි මඟේ දුෂ්කරම
යටගියාවේ හමුව
අහම්බෙන් හිනැහුනා
මගේ මතකයෙ ඇඳෙයි,
දින සතිද ගෙවීගොස්
මාස අවුරුදු ගිහින්
පුරා දෙවසක් පමණ
ගතවෙලා සිතෙනවා,
දහසකුත් දුක් සුසුම්
කඳුළැලිද පිසලමින්
මේ ගෙවුණු කාලයේ
නුඹ බොහෝ දේ කළා,
සංසාරෙ දිගු මඟේ
කටුඅකුල් පැටලිලා
ගිරි දුර්ග වන දුර්ග
මාව හෙම්බත් කළා,
එහැම විට නුඹ ඇවිත්
හදවතට ලෙන්ගතුව
ලැබ දුන්නු දිරිය මට
මගෙ හිතට ශක්තියකි,
එහෙව් නුඹෙ මුහුණුවර
කොහොම අමතක කරනු
සුබම සුබ උපන්දින
සුබ පැතුම පිරිනමමි,
මේ සසර දිගු මඟේ
හෙට දිනෙක හමුවේවි
හෙලාපන් හසරැළක්
හදවතින් ගලා එන,
මේ ලෝකය මීට වඩා
යහපත් වෙන
අනාගතේ යම් දිනයක
මීට වඩා සමීප වෙනු
නිසැකය මට,
නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් පිරි සුබ උපන් දිනයක් පතන අතරම සුබ නව වසරක් වේවායිද පතමි.
ස්තුතියි...
------
 
හැමදාම වගේ
අමතක උනේ නෑ මට
අද තමා උබේ උපන් දිනේ🥹❤️
උබට අමතක ඇති ඒත් මට මතකයි
හැමදාම රෑ දොලහා වෙනකන් ඇහැරන්
අවුරුදු තුනක් තිස්සේ
ඉස්සෙල්ලම විශ් එක මගෙන් ආවෙ උබට🥹❤️
අද අපි ඈතින් ඉදියත් වෙනසක් නෑ
ඔන්න හරියටම රෑ දොලහයි🥹❤️
ඉතින් ඔයාට
*සුබම සුබ උපන්දිනයක් වේවා*🥹❤️
මට මතකයි
හැම උපන්දින විශ් එකකම තිබුනේ
ලබන හැම ආත්මෙකම ඔයා මගේම වෙන්න කියලා ✋❤️
ඒත් අද
මෙහෙම කියන්නම්
මේ ආත්මේ ඔයාට ඔයාගෙ ආදරේ නොලැබුනාට✋
ලබන හැම ආත්මෙකම එයා
ඔයාගෙම වෙන්න කියලා මන් ප්රාර්ථනා කරනවා😍❤️
අනුන්ට අයිති හිතක් අවුරුදු ගානක් තිස්සේ පරිස්සම් කරන්න දැගලුවට
අනෙ ඉතින් මටත් සමාවෙන්න😍
ඒවගේම
හැමදාම වගෙ ඔය හිනාව
ඔය විදිහටම තියෙනවනන් මන් ගොඩක් ආසයි😍❤️
කා එක්ක කොහොම ඉදියත්
හිනාවෙලා ඉන්න වස්තුව😍❤️
උබ ගැන ආදරයක් දැන් නැතත්
කියාගන්න බැරි තැනක උබ ඉන්නව තාමත්😍❤️
ඉතින් සුදුමහත්තය ❤️
ගොඩක් පින්
කාලයක් ආදරේ එක්කම මතකයන් ගොන්නක් මට දුන්නට❤️😍
#මේ විශ් එක ඔයාට ගොඩක් ආදරේ කරපු කෙනෙක්ගෙන්❤️🙊 
-------


උපන් දින සුබපැතුම් පත් අතරෙ
නුබගෙ උපන් දින පැතුම නැති උනා
ඒ පැතුම අරන් නුබ කවදා එයි කියා
දැක ගන්න නුබව නෙතු සොයනවා
බුදු සරනින් නිදුක් සුවය පැතු අය
අසරන මගෙ කවි හිත දන්නවා
ලියු හැම කවි ගෙත්තමක
නුබට පද ගෙතු බව හැම දන්නවා
ආයෙ එන්න උපන් දිනයක් කොයිද
මගෙ සිත මොරගසා අහනවා
සුබ පැතුම් එපා දැක ගන්න වතාවක්
නෙතු පියන් වැහෙන්න කලියෙන් එන්න.
------
 
හෙට පුතුගෙ උපන් දිනේ...
පුර සද බැස ගිහින් නව සද උදා වුන
දිනයක් ඇවිත් මගෙ පොඩි පුතු හිනා උන
හැකි හැම දෙනා සමරන ඒ උපන් දින
බැරි මම තනිවෙලා ගෙදරට එකම තැන
මගෙ නැති බැරි කමට පුතු හට වගක් නැත
බිරිදට ඉතිං නිතරම එය හිතේ ඇත
එක පංතියේ ඉදහිට රස කැවිලි මත
සමරපු උපන් දින ඇත දුක පිරුණු හිත
හෙට එකොලොස් වසර සමරනවා පුතුගේ
පොඩි දරු පැටවි පංතියෙ ඉන්නවා ඔහුගේ
පැණි රස කැවිලි පුඩ්මක් දෙන්නට මාගේ
සතයක් අතේ නැති මට මොනවද වාගේ
සිතමින් නොයෙක් දෙ පදිමින් බයිසිකලේ
යහමින් ඇති තැනක නැවතුනි හොදම වෙලේ
අතු ඉති පිරෙන්නම ගෙඩි ඇති හැම කලේ
ඉල්ලු විගස දුන්නයි මල්ලකට බොලේ
උදුම්බරා ගෙඩි මල්ලක පූරව ගෙන
උපන්දිනේ සමරන පොඩ් පුතුගෙ මන
තවිතිසයෙන් ලැබුණු දේමැයි හිතට ගෙන
පංතිය වෙතට යැව්වා මම දෙමින් පින
------