හැම එකාටම අම්මා නැති වෙන
දවසක් එනවා..
මට තරම් ඉක්මනට නැතත්
පහු වෙලා හරි..
මල ගෙදර ආව අය ගෙදරින් ගියාම
ජීවිතේ ඔහොම තමයි කියලා යන්න ගියාම..
මලගෙදර ගහපු හඩ් ගලෝපුවාම. .
අප්පච්චීත් එක්ක ගෙදර තනිවෙද්දී..
බත් එක බෙදන්න කෙනෙක් නැති උනාම
අම්මගෙ රස බත් එකේ නැති උනාම..
හිතේ හැමදේම කියන්න කෙනෙක් නැති උනාම..
මම කරන්න ඕනි මොනාද කියලා කියන්න කෙනෙක් නැති උනාම..
කොටින්ම කිව්වොත් ජීවිතේ
ඉතුරු ටික.
අම්මා නැතුව ගෙවන්නෙ කෝමද කියලා මතක් වෙද්දී . . .
තනිකම කියන පිහිය
පපුව ඇතුලේ,
රිදුම් දෙන මතකයක් ගානේම
පිහි තුඩු ඇනෙද්දි..
උබට කෑ ගහලා අඩන්න හිතෙයි..
ඒත් වැඩක් නෑ බන් එතකොට එයා අපිව දාලා ගිහින් ..
ඒ හින්දා පුළුවන් තරම් ඒ රත්තරං අම්මව සනසන්න බලපන් පුළුවන් තරම් ආදරේ කරපන් එයා ආස දේවල් විතරක්
කරපන්...
ආදරෙයි අම්මේ