විසි
තිස් දාහේ පඩියක් ගෙන දෝතටම...
දුටුවා රැක්ක හැටි පවුලක් හැම මසම....
පුදුමයි අම්මෙ අදටත් නුඹේ රහස මට....
දන්නවා වින්ද දුක් ගින්දර රහසේම....
හිරුත් නොනැගුණේ කලුවර හිමිදිරිය...
කහට කෝප්පය නිව්වේ නුඹේ කුස...
එනමුත් නිවුනෙ නැත සිනහා වත කමල...
කෙලෙසද දරාගත්තේ මේ දුක් කන්ද....
වෙහෙසන ගතම වාරුව කර හිත ලගට...
දුටුවා පොවන හැටි සිප් කිරි සිසුන් හද...
ලේ රහ නැගුණ නුඹෙ කටහඩ අභියසම...
අප්පච්චි නිවුනා මගෙ මුලු දිවිය....
කෙතරම් දැවුන මුත් හදවත ගිනිගොඩක...
ණය බර හෙල්ලුවත් දෑසම තුන් යමම...
උගත මනා ශිල්පය දරු කැල බෙදුව...
අම්මෙ නුඹයි දෙවියන් මිහිපිට දුටුව...
පුදින කැකුලු මල් ලපටින් සිත් ලගම...
ඔය සිත නිවුනේ පාදලයි ඒ දෑස...
උරුම උනත් ලේ බැම්මක් අප හටම...
මව් පිය නුඹයි සිසු දහසක් දුක් නිව්ව...
බත් හුලකුදු නොනිවූවත් කුසගින්න...
බත් පත පවා පිදුවා නුඹ දරු කැලට....
දිනනා විටදී උන් ලෝකය අභියසම...
හැඩුවා දුටුවා දොරටුව ලග රහසේම....
අපමණ නින්දා ලැබුවත් මුලු ලොවක් ලග...
දුටුවා දරාගත් හැටි නුඹ සිනහ මුව...
කොපමණ වදන් කිව්වත් කවුරුන් නුඹට...
මමමයි දුටුවෙ කැපවුණ හැටි සිසු කැලට....
Copied by සරසවි නිසදැස් කවි දැහැන..
-------
එකතු කිරීම...
බෙදීම.....
සුළු කිරීම....
විකාශනය වී...
ජ්යාමිතිය...
පාළු වී අද පංතියම...
දරදඬු හඬ දෝංකාරය
සියුමැලි හිතේ සෙනෙහස
නිවී ගිය ගුරු තරුව
ගුරු පියාණෙනි ගණිතය
--------
සිප් කිරි ලබා දී නුවණැස දුනි පාදා
නැණ සාගරය කළඹා හද ගුණ සාදා
ගුරු
හරු කම් සමග දිවියට දිරි ඈඳා
වන පොත් කරන ගුරු දෙවි නමදිමි පාදා
මා පිය සෙනෙහසින් ඉපදී මෙලොව එද
ගුරුවරු නැවත දුනි ජීවය අතර මැද
කාලය කෙමෙන් ගතවී යන විටදි පැද
උගතුන් බිහි වුනා අකුරක අගය බැඳ
අද මේ විසල් ලෝකයෙ සැරි සරන සඳ
සිහිවේ නිමක් නැත ගුරු දෙවියනගෙ නද
දිඟුකල් දිනේවා සිප්කිරි පොවපු හද
අමතක නොවේ පෙන්වුව ඒ සෙනෙහෙ කඳ
Copied by සරසවි නිසදැස් කවි දැහැන..
--------
දෙවැනි මව් වී
මගේ ලෝකයට
නෙත් පෑදූ ගුරු මව්නි
ජාතීත් පින් අත්වෙයි
නුඹ කලා ඌ ඒ පිනට
දැඩිකලා මිනිසුන් විලස
නිසි මග යවා
ඔවදන් දෙවා
සවියක් උනා රජවන්ට
දඬුවම් කලත් කල වැරැද්දට
තරහක් නොමැත
කවමදාකත් සිත් අගක
දෙපා මුල වැඳ වැටී
වැන්දත් මදී
නුඹ කල පෙමට
ජාති ජාතීත් පින් පුරමි
නුඹ කලාවූ සේවයට
-------
හිනහෙනා මල් කැකුලු දැකගනිමි හැමදිනක....
නැත නිමක් කියවනා පොඩි කුරුලු පැටවුන්ට....
ජීවිතේ වේදනා පැමිණියත් මහ මෙරක.....
සැනසෙනවා පැටවුනේ ඔබ ගාව මගෙ සිතම...
සාමලා අමරලා හිනහෙනවා පිටු අතර....
චක්කරේ දැක්කම මැලවෙනවා මුව පොඩිය....
ඇති නමුත් බිත්තියක එල්ලලා වේවැලම....
රිදවන්නෙ කෙලෙසදෝ මල් කැකුලු මා එලෙස..
පුංචි මුව අඹරමින් හෙමි හෙමින් මට ලංව....
ටීචර් යැයි ආදරෙන් කියන විට මා ගාව....
සත්තමයි පැටවුනේ කියන්නට නෑ වචන....
ආදරේ හිතෙනවා මහ සයුර විලසටම....
දිනාපන් මතුදිනක ලෝකයම එක මිටට....
ඉන්නවා නුඹ ගාව සෙවනැල්ල විලසින්ම...
ලොව දිනා පැටවුනේ වරෙන් හනි හනිකටම...
ගුරුතුමී ඉන්නවා මග බලන් හැමදාම.....
Copied by සරසවි නිසදැස් කවි දැහැන..-------
වෙල් යායේ පොඩි නියර දිගේ
ගුරු සුවදට සිත නතර වෙලා
තාමත් සුන්දර ඈත අතීතයේ
සෙනෙහස හදවත දෝරේ ගියා .....
මල් පිපිලා සුවදක් හමලා
දොළ ළග සුපුරුදු වීදිය අතරේ
මුල් ගුරු නුඹේ රූ මට මැවුණා .....
ගුණ නැණ වඩලා සිප්සයුරේ
සරසවියේ පාමුල මා තබලා
නොනිමෙන ජීවන අරගලයේ
නුඹ දැන් දිරලා වීඩා වෙලා .....
අහසක් උසටම නෙත් පාදා දී
දිනක් දුටුමි මා කොළොම්පුරේ
වැරහැලි දරාන පාර අසනවා
මංමුලාව සැරිසරන ලෙසේ .....
-------
සිතක අරුමැසි භාව කම්පන
රිදුම් දෙයි හදවත තලා..
වතක සුමිහිරි තාල සප්තක
අකුරු අමුණනු කෙලෙස නුඹ ඇත
කවිය වී මා හද පුරා..
නොගැයු කවියක මිහිර විඳිමින්
හිඳින්නෙමි මා නෙතු අයා..
මලක අරුමැසි මිහිර විඳිනට
නොහැක දළඹෙකු ලෙස ලොවේ..
පතක ලෙල දෙන තුශර බිඳුවද
සැඩ දිනිදු දැක මියැදුනේ..
සිතක ගැබ් ගත් ආල හැඟුමන්
මෝරමින් දින සති ගෙවේ..
නොදැක සිටිනට නොහැක හදවත
නුඹ ම ඉල්ලා වද දෙතේ..
විඳිනු නොහැකිව මගේ ලෝකය
නොදරුවෙකු සේ හඬ හඬා..
කියනු කෙලෙසද වදන් ගලපා
ගුරු ගෝල බැමි ඇත බලා..
තුංග යෞවන හැඟුම් අවදිව
ඇතත් සිත මා රවටලා..
වසන් කරනට ගනිමි වෑයම
ඇදුරුතුමියනි වෙනු සමා..!
--------