ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි.

මේ ලොව,මේ රට වෙනස් කළ හැක්කේ ඔබට පමණි.අලුතින් සිතීමෙන් රටට වැඩ කිරීමෙන් මේ රට නිවැරැදි මාර්ගයක ගෙනයා හැකිය.
රටේ උරුමකරුවෝ ද රටේ අනාගතය ද ඔබය.
හොඳ දරු පරපුරක් බිහි කිරීමට වගබලා ගනිමු! එයින් අපේ රට උතුම් රටක් වනවා නොඅනුමානයි.
------
 

 
ලොක ළමා දිනය වන අද දින
අපේ දු දරුවන්ට දැහැමි සමාජයක් තිබෙද ?
දැහැමි සමාජයක් එ දරුවන් වේනුවෙන් අපි බිහි කරමු!
------
 
 
 
අද ලෝක ළමා දිනය...ඉතින් එ මල් වගේ පුංචි පැටව්න්ට එක් දවසක් ඇතිද🎈
උදාවෙන හැම දවසක්ම 😊එයාලගේ සිනාව ආරක්ෂාව, අධ්යාපනය යන සෑම දේ වෙනුවෙන් වෙන් කල යුතුයි❤️❤️

එ වගේම අද වැඩිහිටි දිනය අපි වෙනුවෙන් සෑම මොහොතකම ඔවුන් සිටියා.

ඉතින් අපි ඔවුන්වද රැක ගනිමු.

දීර්ඝායු පතමු❤️❤️ 
------
 

 
 
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි...
ළමුන් යනු රටක අනාගතයයි..🌹🌹 වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටිවහලක් වී ජීවිතයේ සැදෑ සමය ගෙවන පිරිසකි.. ඒ අයුරින් බලන කළ ළමුන් සහ වැඩිහිටියන් යන කොට්ටාස දෙකම රටකට සම්පතකි. එම නිසාම ළමුන් සහ වැඩිහිටියන් අප පණ මෙන් රැක ගත යුතුයි..
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය සමරන සැමට සුභම සුභ දිනයක් වේවා කියා කලාත්මක ලොව අපි ප්රාර්ථනා කරන්නෙමු ❤❤❤ 
-------

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි.
බොහෝ දෙනා ලෝක ළමා දිනය අද ලෙස දන්නා නමුත් බොහෝ දෙනාට අමතක වූ ලෝක වැඩිහිටි දිනයත් අදයි.
මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ " සිහින දකින අපේ ලොවක් " සහ ලෝක වැඩිහිටි දිනයේ ⁣තේමාව වන්නේ "පරපුරක් තැනූ උතුම් පරපුර රැක ගනිමු" යන්නයි.
ළමුන් යනු රටක අනාගතයයි. වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටිවහලක් වී ජීවිතයේ සැදෑ සමය ගෙවන පිරිසකි. ළමුන් සහ වැඩිහිටියන් යන කොට්ඨාස දෙකම රටකට සම්පතකි.
ළමා සහ වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ලෝක ළමා සහ වැඩිහිටි දිනයක් ප්රකාශයට පත් කිරීමේ මූලික අරමුණයි.
ලොව වෙලාගත් කොරෝනා වසංගතය හමුවේ ලොව මිලියන ගණනක් දරුවන් නිවෙස්වලට කොටු වී සිටින්නේ අධ්යාපන අවස්ථා අහිමිවීම, සෞඛ්ය පිරිහීම වැනි අභියෝගයන්ට මුහුණ දෙමින්ය.
මෙරට ළමයින් මෑත කාලයේදී මුහුණ දුන් වඩාත්ම ප්රභල අභියෝගය වූයේ, පාසල් අධ්යාපනය අඩාල වීමයි. එසේම වර්තමාන අප රටේ ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ සහ වැඩිහිටින්ගේ පෝෂණ සහ සෞඛ්ය තත්ත්වය දැඩි අවධානමකට ලක්වී ඇත.
දියුණු රටවල වයස අවුරුදු 65ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් දියුණු වෙමින් පවතින අප රට වැනි රට වල අවුරුදු 60ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් ගණන් ගැනේ. රටක ජනගහනය ප්රධාන කොටස් 03ක් යටතේ වර්ගීකරණය කෙරෙන අතර, උපතේ සිට වයස අවුරුදු 14 දක්වා ළමා ජනගහනය ලෙසත්, අවුරුදු 15ත් 59ත් අතර ජනගහනය ශ්රම බලකාය ලෙසත්, 60ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් සැලකෙයි.
අනාගතය භාර ගනිමින් පිපෙන්නට වෙර දරන පුංචි කැකුළු වලටත්, දරුවන්ගේ ලොව ගොඩනැගුමට දහඩිය හෙළා ජීවිතේ සැඳෑ සමය ගෙවනා වැඩිහිටි ප්රජාවටත් තම යහපත් ප්රාර්ථනා ඉටු කරගැනීමට අදට යෙදී ඇති ජාත්යන්තර ළමා දිනය සහ ජාත්යන්තර වැඩිහිටි දිනය උපහාරයක්ම වේවා ..!
------