Sinhala Happy Birthday Wishes | Sinhala Happy Birthday Nisadas | Sinhala Happy Birthday Quotes | Sinhala adara upandina subapathum | උපන්දින සුබ පැතුම් | Sinhala lovely happy birthday wishes for girlfriend or boyfriend | ආදරණීය උපන්දින සුභ පැතුම්

 

කිනිත්තක රතු රෝස
මුදු පින්න තැවරුවත්…
හිනහේවි හැමදාම නටු
අගේ කටු වුනත්…
සොයුරියක මිතුරියක
නෑ මගෙම නැගනණියත්…
හැමදාම හිනහෙන්න නෙතු අගට
ගෙන අවැසිම සතුටත්…

පිටු විසි එකක් ලියවෙච්ච
රසබර කතා පිරුනු මනරම්…
තෙරක් නොපෙනෙන හීන
ලියවෙනා අකුරු වැලි පිල්ලම්…
එකින් එක පාට වෙන පැහැබර
අනාගතයක නිදුකින් ඉන්න වරම්…
හිමිවෙන්න නැගණිය නුඹට,පාතබන
නවමු පිටුවට මෙලෙස පැතුමන් එක්කරන්නම්….

------

 

දින සති ගෙවී
කාලය හෙමිහිට යනවා
ඇරඹුම
සිහිකරන දිනයත්
ලං වෙනවා…

------

 

යනෙන මග ජය ටැඹ දකීවා
ගොඩනැගෙන බාධක බිදේවා
දුටු සිහින හැබැහින් දකීවා
සුභ උපන්දිනයක් ම වේවා...........

සිනා හසරැල් මල් පිපේවා
නෙතින් කදුලක් නොම නැගේවා
සිතින් නිදහස සුව ලැබේවා
සුභ උපන්දිනයක් ම වේවා............

හිතන හැමදේ සපල වේවා
පතන හැමදේ නිති ලැබේවා
සතුට සොම්නස උරුම වේවා
සුභ උපන්දිනයක් ම වේවා.............
------